ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන යළි සාකච්ඡා වටයක්

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන යළි සාකච්ඡා වටයක්

ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමට, තවත් සාකච්ඡා වටය තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් වෙනත්, දිනයක් යෝගෙන තිබේ.

ලබන මස 24 වනදා චෙන්නායි හිදී අදාළ සාකච්ඡා පැවැත්විය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තවද, ඉන්දු – ලංකා ධීවර ගැටලුවේ, තෙවන වටයේ සාකච්ඡා පසුගිය මස 5 වැනිදා පැවැත්වීමට ඉන්දීය රජය තීරණය කරද ශ්‍රී ලංකා රජයේ තීරණය වී තිබුණේ අදාළ සාකච්ඡා පසුගිය 11 වැනිදා පැවැත්වීමටය.

මෙහි පළමු වටයේ සාකච්ඡා පසුගිය වසරේ ජනවාරි මාසයේ දී චෙන්නායිහි දී පැවති අතර දෙවන වටයේ සාකච්ඡා ඉන් මාස හතරකට පසුව කොළඹ දී පැවැත්වුණි.

නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් විසින් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ දී ද ධීවර ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්විය.

ඉන්දීය අගමැතිවරයා එහිදී සඳහන් කර තිබුනේ, මෙම ගැටලුව දෙස මානුෂීයව බලා එය විසඳිය යුතු බවයි.

මෙරට අත්අඩංගුවෙන් නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා ඉන්දීය බලධාරීන් වෙත භාරදී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දු ලංකා ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත ධීවරයින් 168 දෙනෙකු සහ යාත්‍රා 51 ක් භාරදී ඇත.

Share this: