ඉන්දු-ලංකා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළත් නෑ

ඉන්දු-ලංකා ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළත් නෑ

ජූනි මස අග භාගය වන විට ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට හැකි වනු ඇති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙ‍ළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(18) කොළඔ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම ගිවිසුම මෙරටට අයහපත් නොවන බවත්, මෙරටට වාසිදායක බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය‍.

මේ හේතුවෙන් එම වෙළඳ ගිවිසුමට කිසිදු පුද්ගලයෙකු චෝදනා කළද එය ගැටලුවක් නොවන බව හෙතෙම පැවසුවේය.

අදාළ ගිවිසුමට වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළත් නොවන බවත්, තොරතුරු තාක්ෂණයෙන් විශාල ආයෝජකයින් පිරිසක් සිටින බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

එසේම වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු මාසයේ චීන සංචාරයක තිරත වීමට නියමිත බැවින් එහිදී මේ සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් ඇති විය හැකි බවත් ඒ මහතා එහිදී පවසා සිටියේය.

තවද ජපානය සහ ඉන්දියාව සමඟ එක්ව තාප විදුලි බලාගාරයක් ඉදි කිරීමටද බලාපොරොත්තු වන බවත්, ජපානයට මේ සම්බන්ධයෙන් නිසි තාක්ෂණික දැනුමක් ඇති බැවින් එය නිසි ආකාරව සිදු කරනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share this: