ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තොරතුරු තාක්‍ෂණ සම්බන්ධ සේවාවන් සැපයීමේ දී ඇති කාලපරතරය ඉවත් කිරීමට අවදානය යොමු කිරීම වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි. කේ. සිංහා මහතා, ඉන්දියාවේ පුඩුචෙරි හි මහ අමාත්‍ය එන්. රංගසාමි මහතාට කියා සිටියි.
පසුගියදා චෙන්නායි හි දී ඉන්දු – ආසියනු – ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය විසින් සංවිධාන කළ සමුළුවක් පැවැති අතර ඊට වයි. කේ. සිංහා මහතා ද සහභාගී විය. සිංහා මහතා එහිදී තමිල්නාඩුවේ සහ පුඩුචෙරි හි සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේ දී එන්. රංගසාමි මහ අමාත්‍යවරයාට මේ බව දැනුම් දී තිබේ.
මෙහි දී මහ කොමසාරිස්වරයා විශ්වාසය පළ කර ඇත්තේ, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පවතින කාල පරතරය ඉවත් කළ හොත් තොරතුරු තාක්‍ෂණය සම්බන්ධයෙන් දෙරටේ සිදුවන දත්ත හුවමාරුවලදී එය වඩාත් පහසුවනු ඇතැයි යන්නය.
තවද, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගිය වර්ෂයේ දී තොරතුරු තාක්‍ෂණය ආශ්‍රිතව සිදු කළ වෙළෙඳාමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ගනුදෙනු සිදුව තිබේ.