අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වුණා.
එම සංචාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර එක්ව සිටියහ.
පසුගිය දිනවල ඉන්දීය අගමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සිටින ඡායාරුපයක් බොහෝ කතා බහට ලක් වුණි
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එම සංචාරයට එක් කර ගනු ලැබුවේ අත්‍යවශ්‍යම සහ විශ්වාසවන්තම පිරිසක් බව මන්ත්‍රී වරයා සඳහන් කරනවා.
අගමැතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙන කිසි දිනෙක නොතිබූ තරම් පිළිගැනීමක් තිබූ බවද ඔහු මෙම සංචාරයේදී රටට විශාල ප්‍රතිලාභ රැසක් ලැබුණු බවද ඔහු තව දුරටත් කියා සිටියා.
එම සංචාරයට තමන් සහභාගී වුයේ කැළණිය ප්‍රදේශයට නිවාස ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමට බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ අවධානය තමන් විසින් යොමු කළ බවත් මන්ත්‍රී වරයා සඳහන් කරනවා.
Share this: