ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්!

ඉන්දීය ධීවරයින් පිරිසක් නිදහස්!

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතව අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගෙන තිබේ, 

මොවුන් පසුගිය මාර්තු මස 21 වෙනිදා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වන විට බෝට්ටු 10 ක් සමග පැමිණ ධීවර කර්මාන්තයේ නිරතව සිට ඇත.

තවද, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලූව විසඳා ගත යුතු බවට දෙරට අතර එකඟතාවයකට පැමිණ තිබුණි.

Share this: