ඉන්දීය ධීවරයින්ට ප්‍රහාර එල්ල කාලායයි කීම මුසාවක්

ඉන්දීය ධීවරයින්ට ප්‍රහාර එල්ල කාලායයි කීම මුසාවක්

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීරවරයින් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බවට සිදුකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

තවද විනයගරුක හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සැමවිටම කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

තව දුරත් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පවසන්නේ, ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බවයි.

තවද, ඉන්දියාවේ රාමේෂ්වරම් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් පිරිසකට පහරදීමක් සිදුකර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනු අතර, ධීවරයින් තිදෙනෙකුට පහරදී ඔවුන්ගේ ජංගම දුරකථන වලට හානිකර ඇති බවට, එම මාධ්‍යම වාර්තා කර තිබූ බව සඳහන්ය.

ඒ අනුව ඊයේ දිනයේ සිදුවූ බව එම වාර්තා වල සඳහන් ව තිබුණද මෙම චෝදනාවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

Share this: