ඉන්දීය ඖෂධයක් නිසා ළමුන් 18 දෙනෙකු මිය යයි!

ඉන්දීය ඖෂධයක් නිසා ළමුන් 18 දෙනෙකු මිය යයි!

උස්බෙකිස්තානය පැවසුවේ ඉන්දීය ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද කැස්සට ලබාදෙන දියර ඖෂධයක් පානය කිරීමෙන් ළමුන් 18 දෙනෙකු මිය ගිය බවයි.

මෙම ඖෂධය Marion Biotech නම් සමාගමක නිෂ්පාදනයක් බව BBC වාර්තා කරයි.

උස්බෙක්ස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම ඖෂධවල විෂ සහිත එතිලීන් ග්ලයිකෝල් අඩංගු වූ බවයි.

අදාළ දරුවාගේ වැඩිහිටියන් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් නොගෙන දරුවන්ට ඖෂධය ලබාදී ඇති බවටයි අනාවරණ විය.

මීට දින කිහිපයකට පෙර ගැම්බියාවේ කුඩා දරුවන් 69 දෙනෙකු දියර ඖෂධයක් පානය කිරීමෙන් මිය ගියහ.

Share this: