ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනී

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනී

මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට ළඟාවිය.

දෙදින නිල සංචාරයකට ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් යුතුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගත් බව පවසයි.

වසර 27 ට පසු ලංකවට පැමිණෙන පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන්නේ මෝඩි මහතා වන අතර ඔහු මෙරට නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටත්, උතුරේ සංචාරය කිරීමටත් නියමිතය.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ‍්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද (13) සහ හෙට (14) දෙදින කොළඹ සහ ඒ අවට මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ සඳහා පොලිස් නිලධාරීන් 1000 ක් පමණ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

Share this: