ඉන්දිය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව හමුවේ

ඉන්දිය අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව හමුවේ

හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාද දහ තුන්වන ව්‍යවස්ථා සංශෝධනයේ සියළු බලතල ලබාදීමට එකග වූ බවත්, එය පසුව වෙනස්වීම තුළ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ගැටළු මතු වූ බවද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසිය.

ඔව්හු මේ බව සදහන් කලේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග කල සකච්චාවෙදිය.

තවද, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාගැනීමට හැකි දේශපාලන ව්‍යුහයක් සකස් කිරීමට මැදිහත් වන ලෙස කළ ඉල්ලීමට ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුභවාදී ප‍්‍රතිචාර දැක් වූ බව උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරම් මහතා පවසයි.

එසේම ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරමත්, ඉන්දියාවේ රාමේෂ්වරමත් යා කරමින් නැව් සේවාවක් ආරම්භ කිරීමට එකගවීම දෙරටේ ආර්ථික තත්ත්වයන් සංවර්ධනය කිරීමට හේතුවක් වී තිබෙන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සදහන් කලේය.

මේ අතර දිල්ලි තානාපති නිල නිවසේදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ද ඉන්දිය අගමැතිවරයා මුණ ගැසී ඇති බව වාර්තාවේ.

Share this: