ඉන්දියාවේ සිරවී සිටි තවත් පිරිසක් අද ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ සිරවී සිටි තවත් පිරිසක් අද ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද(25) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය .

මෙම සිසුන් ඉන්දියාවේ උසස් අධ්‍යාපන කටයුතු සදහා එරටට ගොස් තිබූ අතර , කොවිඩ් – 19 වසංගත රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාව තුළ කොටු වී තිබේ.

ඔවුන් මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය අද දින උදෑසන 9.10 ඉන්දියාවේ මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

මෙම ගුවන් යානය දහවල් 11.30 ට ඉන්දියාවේ මුම්බායි වෙත ළගා වීමට නියමිතය .

මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර , මෙම ගුවන් යානයෙහි ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු නොවීය .

මෙම ගුවන් යානය අද(25) දින දහවල් 2.55 ට මෙම සිසුන් පිරිස රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.

Share this: