ඉන්දියාවේ ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට

ඉන්දියාවේ ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමල වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාන්ඩර් බිකේ ප්‍රසාන්ත් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඒ අනුව පුහුණු සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2019 දෙසැම්බර් 03 වනදා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Share this: