පසුගිය දිනවල ඉන්දියාවේ පවතින සෙල්සියස් අංශක 48ක් තරම් වූ අධික උෂ්ණත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයන් 1800කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවට වාර්තා වෙනවා.
මෙම දැඩි උෂ්ණත්වය යේතුවෙන් ඉන්දියාවේ මහා මාර්ග වල ඇති තාර දිය වී ඇතැයි වාර්තා වේ. නිවාස අහිමි පුද්ගලයන්, කම්කරුවන්, කුඩා ළදරුවන්, ළමුන්, සහ වයෝවෘද්ධ පුද්ගලයන් මේ කාලගුණයෙන් දැඩි අවදානමකට ලක්විය.
අධික උෂ්ණත්වයට ගොදුරු වූ රෝගීන් විජලනය, අධික විඩාව, උෂ්ණ ආබාධ ආදියෙන් පෙළෙන අතර ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර කටයුතු සිදු කෙරින. අතර, නිරන්තර විදුලි කප්පාදු කිරීම් වලට ද ජනතාවට මුහුණදීමට සිදු වී තිබෙනවා. ආපදා කළමනාකරණ අධිකාරියෙන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙන්නේ හැකි තරම් නිවෙස් තුලට වී සිටීමටත් , ලිහිල් ඇඳුම් භාවිතා කරන අතරම හැකි සෑම විටම ජලය පානය කිරීමටයි.
වැසි නොමැති වීමත් රාජස්ථාන් ප්‍රදේශයේ කාන්තාර වල උෂ්ණත්වයත් සුළං තත්වයත් හේතුවෙන් උෂ්ණත්වය ඉහල යාමට බලපා ඇති බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා.
සැකසුම – සී.එදිරිමාන්න