ඉන්දියාවෙන් කුරුළු උණ පිළිබඳ තවදුරටත් වාර්තා වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දන්වා ඇත.
සෞඛ්‍ය උපදේශක කමිටු වාර්තාවේ පර්යේෂණ දත්ත මත පදනම්ව ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා තාක්ෂණික අනුමැතිය ලබාදිය නොහැකි බව ඇය පවසා තිබුණා.
සෞඛ්‍ය උපදේශක කමිටු වාර්තාවට අනුව 2021 ඔක්තෝම්බර් සිට 2022 සැප්තැම්බර් දක්වා කාලය තුළ යුරෝපයේ කුරුළු උණ පැතිරීම් 2500ක් වාර්තා වී ඇති අතර 2006 වසරේ සිට ඉන්දියාවෙන් විටින් විට කුරුළු උණ පැතිරීම් වාර්තා වන බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
Share this: