ඉන්දියානු සම්භවයක් ඇති ලාංකීක පවුල්වලට ඉඩම්

ඉන්දියානු සම්භවයක් ඇති ලාංකීක පවුල්වලට ඉඩම්

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කරුපයියා වේලායුදම් මහතා පවසන්නේ, වසර 200ක ඉතිහාසය තුළ ඉන්දියානු සම්භවයක් සහිත ලාංකිකයින්ට පර්චස් 7ක ඉඩමක් හෝ වර්ග අඩි 1900ක භූමි ප්‍රමාණයක් අදාළ ලියකියවිලි සහිතව ලබාදීමට කටයුතු කරන බවයි.

තවද එම ඉඩමෙහි ඉදිකරන ලද නිවසේ ප්‍රමාණය වර්ග අඩි 550ක් පමණ වන අතර නිවසක් ඉදිකිරීම වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 1.2කි.

එම ලබාදෙන ඉඩම් ඔප්පුවේ සැමියා මෙන්ම බිරියගෙ ද නාමයන් ඇතුළත් කෙරෙණු ඇති අතර, මෙම ඔප්පු පිරිනැමිම ලබන 25 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Share this: