සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතය තාවකාලිකව ඉවත් කර තිබේ.
ඒ අනුව අදාළ ඖෂධ වර්ග තුනක් භාවිත කිරීම තාවකාලිකව ඉවත් කර ඇත.
මෙම ඖෂධය ඉන්දියානු ණය රේඛාව යටතේ ලැබුණු අතර, ඉන්දීය ඖෂධ සමාගමක් විසින් ශ්‍රී ලංකාවට බෙදාහරින ලදී.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ඖෂධයේ ප්‍රමිතිය පරීක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අනෙකුත් රටවල එහි ක්‍රියාකාරීත්වය සහ ඉන්දියාව විසින් ලබා දී ඇති අදාළ සහතික මත මෙම ඖෂධය ගෙන එන ලදී.
Share this: