ඉන්දියානුවගේ සිරුරේ සගවාගත් මිලියන 5ක රත්‍රං

ඉන්දියානුවගේ සිරුරේ සගවාගත් මිලියන 5ක රත්‍රං

ඊයේ, (28), කටුනායක ගුවන්තෝටුපලෙන් මෙරටට රැගෙන ඒමට තැත්කළ රුපියල් මිලියන 05ක් පමණ වටිනා රත්‍රං තොගයක් රේගු බාරයට ගෙන තිබේ.

ඊයේ(28) රාත්‍රී 9.10ට පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සිරුර අභ්‍යන්තරයේ සඟවාගෙන අදාළ රත්‍රං තොගය රැගෙනවිත් ඇති අතර, කිලෝග්‍රෑම් එකක් පමණ වු අදාළ රත්‍රං තොගය රත්‍රං බිස්කට් 10කින් සමන්විතය බව ගුවන් තොටුපොළ රේගුව ප්‍රකාශ කළේය.

රත්‍රං තොගය රාජසන්තක කර ඇති අතර සැකකරුවන්ට රුපියල් 25, 000 බැගින් දඩ මුදලක් නියම කර තිබේ.

Share this: