ඊයේ (අප්‍රේල් 03) පස්වරු 3.00ට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සියලුම අංශවල නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වීය.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සියලුම පාර්ශව මෙම සාකච්ඡාවට සහභාගී වීය.
ඒ අනුව රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
තවද, නව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අධ්‍යයනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පත්කළ කමිටුවේ අදහස් පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.
මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දුර්වල කිරීම සඳහා භයානක පනතක් සම්මත කිරීමට රජය උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ප්‍රකාශ කර ඇත.
Share this: