නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දෙසැම්බර් 31 වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
එහි සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පවතින ගල් අඟුරු තොග අවසන් වීමත් සමඟ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම වසා දමන බවයි.
එබැවින් පැය 10කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් පවතින බවයි මාධ්‍ය හමුවට එක්ව සිටි විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් කියා සිටියේ.
Share this: