ඉතාලිය ඉන්දියාවට G20දී සහාය දෙයි!

ඉතාලිය ඉන්දියාවට G20දී සහාය දෙයි!

G20 සමුළුවේදී ඉන්දියාවේ සභාපතිත්ව ධුරයේ සාර්ථකත්වයට දායක වන බව ඉතාලිය පැවසීය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම ද මෙම වසරේ දී සිදු කෙරේ.

එබැවින් ඒ සඳහා ව්‍යාපෘති රැසක් සංවිධානය කර ඇති බව ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුභවාදී බව මෙවර G20 සමුළුවේ සභාපතිත්වය භාර ගැනීමට ඉන්දියාවට මග පෑදී ඇති බව ද ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම, COVID-19 වසංගතය මධ්‍යයේ රෝමයේ පැවති G20 සමුළුවේ සාර්ථකත්වය සඳහා ඉන්දියාව දැක්වූ දායකත්වය අගය කරන ලදී.

Share this: