ඉතාලියේ මහල් නිවාසයක වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

ඉතාලියේ මහල් නිවාසයක වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

ඉතාලියේ රෝමයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ නිවාස සංකීර්ණයෙන් නිවසක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය තිදෙනාගෙන් එක් අයෙකු ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනිගේ සමීපතම ඥාතියෙකු බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: