ඉතාලියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය සංක්‍රමණික මළ සිරුරු 40ක් වෙරළට ගොඩගසා ඇති අතර, මේ වනවිට මළ සිරුරු 59ක් සොයාගෙන ඇති බවයි.
මියගිය අය අතර ළමුන් දොළොස් දෙනකු සිටින බව පැවසේ.
සිද්ධිය වන විට නෞකාවේ සංක්‍රමණික සේවකයින් 200කට ආසන්න පිරිසක් සිට ඇති අතර පුද්ගලයින් 30 දෙනෙකු තවමත් අතුරුදන්ව සිට ඇත.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
Share this: