ඇ‍ල්ලේ ගිලි 17 හැවිදි තරුණියක් මියයයි

ඇ‍ල්ලේ ගිලි 17 හැවිදි තරුණියක් මියයයි

ඊයේ පස්වරුවේ නාවලපිටිය, ගලබොඩ දිය ඇල්ලේ පහළ කොටසේ දියනාමින් සිටි තරුණියක දියේ ගිළී මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, අදාළ තරුණිය තවත් තරුණියක සමඟ ඊයේ පස්වරුවේ දියනාමින් සිටියදී ඔවුන් දියේ ගිළී ඇති බවයි.

පසුව, ප්‍රදේශවාසීන් විසින් අදාළ තරුණියන් දෙදෙනා බේරාගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමේන් පසුව, එක් තරුණියක් මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මියගොස් ඇත්තේ 17 හැවිරිදි ගලබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බව පොලිසිය සාදහන කරයි.

Share this: