ඇස් පෙනීම නැති වූ රෝහල් සැත්කම්

ඇස් පෙනීම නැති වූ රෝහල් සැත්කම්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධයක විෂබීජ තිබීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි සැත්කම් කළ දස දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල වී ඇති බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසනවා.

රෝහල් ආරංචි මාර්ග ඔස්සේ ලැබුණු ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සෙනෙවිරත්න සඳහන් කළේ අප්‍රේල් 05 වැනිදායින් පසු ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ගේ ශල්‍යකර්මවලින් අනතුරුව ලබාදුන් ඖෂධයක් හේතුවෙන් ඔවුන්ගේ ඇස් පෙනීම දුර්වල වී හෝ සම්පූර්ණයෙන්ම නැතිවී ඇති බවයි.

තවද, ශල්‍යකර්මවලින් පසු නිවෙස් බලා ගිය රෝගීන්ගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ගිය නිසා නැවත වරක් රෝහලට ඇතුළත් කළ බවත්, අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඔවුන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

Share this: