ඇල්ල රොක් තවමත් ගිනිගනී

ඇල්ල රොක් තවමත් ගිනිගනී

රාවණා ඇල්ල වනජීවී කලාපයට අයත් ඇල්ල රොක් කඳු රක්ෂිතයේ හටගත් ගින්න දෙවන දිනටත් අද (23) පෙරවරු වනවිටත් පැතිර යමින් තිබූ අතර එම ගින්නෙන් අක්කර 100 කටආසන්න ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

ඊයේ ( 22) පස්වරුවේ ඇල්ල රොක් කදු රක්ෂිතයේ මෙම ගින්න හටගත් අතර ගින්නෙන් වන රක්ෂිතයේ තිබූ වටිනා ගස්කොළ, ඖෂධ වර්ග, වනසතුන්ද විනාශවී ගොස් ඇති බව පොලිසිය පවසයි.

කදු බෑවුම් දැඩි ප්‍රපාතය නිසාවෙන් මෙම ප්‍රදේශයට ජල බවුසර් ගෙන යාමට අපහසු යැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා සදහන් කළේය.

කිසිවෙකු විසින් වන රක්ෂියට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. ගින්නට හසු වු මෙම ඇල්ල රොක් කදු රක්ෂිතය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් කඳු රක්ෂිතයකි.

Share this: