ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මෙතෙක් පැමිණිලි හතරක් ලැබී ඇති බවත් විමර්ශන කිරිමේදී ඒවා මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරිම් නොවන බවට අනාවරණය වූ බවත් ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසීය.
ලැබි ඇති පැමිණිලි පාරවල් තාර දැමිම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරිම් සම්බන්ධයෙන් බවද ඒ මහතා පැවසීය.
ඒ පිළිබඳව සොයා බැලිමේදී එම කර්මාන්ත සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කර ඇත්තේ මෙයට මාස කිහිපයකට පමණ පෙර බවද පාරවල්වල සිදුකර ඇත්තේ දෙවැනි අදියරේ තාර දැමීම බවද ඒ අනුව ඒවා මැතිවරණ නීතිරිති උල්ලංඝණය කිරිමක් නොවන බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
එහෙත් නිති විරෝධි පෝස්ටර් කටවුට් සහ කාර්යාල ඉවත් කිරීම සිදු කරන බවද ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
Share this: