ඇඹිලිපිටියේ පනස් ලක්ෂයක කොල්ලයක්

ඇඹිලිපිටියේ පනස් ලක්ෂයක කොල්ලයක්

ඊයේ (11), සවස ඇඹිලිපිටිය නගරයේදී රුපියල් ලක්‍ෂ 50ක මුදල් කොල්ලයක් සිදුව තිබේ.

ඇඹිලිපිටිය, කුට්ටිගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බැංකුවේ තැන්පත් කිරීම සඳහා වෑන් රථයකින් මුදල් රැගෙන යමින් සිටිය දී පුද්ගලයින් පිරිසක් මග හරස් කර එම මුදල් තොගය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තාවේ.

කොල්ලකරුවන් ව්‍යාපාරිකයාට පහරදී ඔහු පැමිණි වෑන් රථය ද පැහැර ගෙන ගොස් ඇති බව පොලීසිය පවසන අතර, පහරකෑමට ලක්ව තුවාල ලැබු ව්‍යාපාරිකයා මේ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Share this: