ඇමෙරිකාව විසින් තවත් හඳුනානොගත් වස්තුවක් වෙඩිතබා බිම හෙළයි!

ඇමෙරිකාව විසින් තවත් හඳුනානොගත් වස්තුවක් වෙඩිතබා බිම හෙළයි!

කැනඩාවට ඉහළින් පියාසර කරමින් තිබූ තවත් හඳුනා නොගත් වස්තුවකට ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙළා තිබෙනවා.

කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ, එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වස්තුව වෙඩි තැබූ බවයි.

ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා කුඩා සිලින්ඩරාකාර හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා ඇත.

මෙම වස්තුව වෙඩි තබන විට අඩි 40,000 ක උන්නතාංශයක පියාසර කර ඇත.

පසුගිය සතිය තුළ උතුරු ඇමරිකාවට ඉහළින් පියාසර කරමින් සිටියදී වෙඩි තැබූ තුන්වන හඳුනා නොගත් වස්තුව මෙයයි.

මීට පෙර, එක්සත් ජනපද හමුදා විසින් චීනයට අයත් බැලූනයක් සහ ඇලස්කාවට ඉහළින් පාවෙමින් තිබූ තවත් වස්තුවකට වෙඩි තැබූහ.

Share this: