ඇමෙරිකාවෙන් ලංකාවට සහාය දෙන්න කොන්දේසියක්!

ඇමෙරිකාවෙන් ලංකාවට සහාය දෙන්න කොන්දේසියක්!

ශ්‍රී ලංකාවට දේශපාලන ප්‍රතිසංස්කරණ මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණද අවශ්‍ය බව USAID හි පරිපාලක සමන්තා පවර් මහත්මිය අවධාරණය කළාය.

USAID ප්‍රකාශිකා ජෙසිකා ජෙනිංග්ස් පැවසුවේ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා සහ ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩිදුර දැන ගැනීමට සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි හමුවූ බවයි.

සැප්තැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණි පරිපාලක පවර්, ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්විය හැකි සහ ආන්තික වූ ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ සංකීර්ණ අර්බුදය විසඳීමට උපකාර කිරීමට එක්සත් ජනපදයේ කැපවීම යලි තහවුරු කළේය.

Share this: