අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුතකු වන එක්සත් සේනාරත්න විසින් පැහැර ගත් බවට පැවසෙන දැරියගේ දෙමාපියන් විසින් ඊයේ (27) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත ලිපියක් භාර දී තිබේ.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානයක් යොමු කර ඇති බව එම දැරියගේ දෙමාපියන් පවසයි.
එසේම එවැනි පසුබිමක් තුළදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ කඩිනම් ක්‍රියාමාර්ගයක් අපේක්ෂාවෙන් මෙම ලිපිය භාර දුන් බව ඔවුන් පැවසයි.
මේ සම්බන්ධයෙන් එම දෙමාපියන් විසින් කොළඹ මහාධිකරණයේ ද නඩුවක් ගොනු කළ අතර, අමාත්‍ය රාජිත සේනාරත්න, ඔහුගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා, පුතුන් දෙදෙනා වන එක්සත් සහ චතුර ඇතුළු වගඋත්තරකරුවන් 14දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, අදාළ වගඋත්තරකරුවන් අධිකරණයට නොපැමිණි අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.