ඇමැති ගණන 48 කරන්න කිරිඇල්ලගේ ජාතික ආණ්ඩු යෝජනාවක්

ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කර ඇමැති මණ්ඩල සංඛ්‍යාව වැඩි කළ යුතු බවට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මෙය සම්පූර්ණයෙන් නීති විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යෝජනාවක් බවද හෙතෙම පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (29 දා) පැවසීය. මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේද කීය.

ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කර ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 48 දක්වා හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 45 දක්වා වැඩි කළ යුතු බවට සභා නායකවරයාගේ යෝජනාවක් ජුලි 31 දා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 46 (4) වගන්තිය අනුව ඉතා පැහැදිලිව කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව 30 දක්වා සීමා කර තිබෙනවා. මෙම සීමාව බලනොපාන එකම තත්ත්වය පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව තිබෙන පක්‍ෂය වෙන පක්‍ෂ සමග එකතුවී සම්මුතියකට එළඹ ඒ සියලු පක්‍ෂවල එකතුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමයි. එවිට ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවට තිහේ සීමාව බලපාන්නේ නෑ.

කිසිම පක්‍ෂයක් අලුතෙන් රජයට එකතු නොවී වෙනත් පක්‍ෂවලින් එකතු කරගන්නා මන්ත්‍රීවරුන් ඇතුළත් කර ජාතික ආණ්ඩුවක් ගොඩනැඟිය නොහැකියි. මෙය ඇමැති සංඛ්‍යාව වැඩිකර ගැනීමේ උපක්‍රමයක් පමණි.

එමනිසා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම යෝජනාව ප්‍රතික්‍ෂේප කළ යුතුයි. ආණ්ඩුවේ දැනට සිටින්නේ ඇමැතිවරු 28 යි. සභානායකවරයා විසින් එය 48 දක්වා 20 කින් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. දල වශයෙන් කැබිනට් ඇමැතිවරයකු නඩත්තු කිරීමට මාසයකට රුපියල් ලක්‍ෂ 85 ක් පමණ වැය කෙරෙනවා.

Share this: