ඇමරිකාව නෙමෙයි බින් ලාඩන් මැරුවේ – ඉරානය

ඇමරිකාව නෙමෙයි බින් ලාඩන් මැරුවේ – ඉරානය

ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ගෞරවය ඇමෙරිකානු මෙහෙයුමට ලැබුනත් ඉරානය පවසන අන්දමට බින් ලාඩන් මියගොස් ඇත්තේ 2011 වසරේදීය.   ඉරානය පවසන්නේ මේ කතාන්දරය ඇමෙරිකාව ගෙතු එකක් බවත් එය ඔප්පු කිරීමට තමන් සතුව සාක්ෂි ඇති බවත් ය.

“අපිට විශ්වාස කල හැකි ආරංචි මාර්ග වලින් තොරතුරු ලැබිල තියනවා ඔසාමා බින් ලාඩන් මිය ගියේ මීට වසර කිහිපයක කලින් බව” ඉරාන බුද්ධි අංශ බාර අමාත්‍ය වරයා කැබිනට් රැස්වීමේදී දැනුම් දුන්නා. ” ඇමෙරිකාව බින් ලාඩන් අල්ලාගත්තානම් හෝ ඔහුව මරා දැම්මානම් එම අවස්ථාවලට සම්බන්ධ චායාරූප , ඔහුගේ මෘත ශරීරය කිසිවක් නොපෙන්වන්නේ ඇයි ?

නමුත් මේ බව පැවසීමට ඔවුන් සතුව ඇති සාක්ෂි ඉරාන රජය විසින් තවමත් හෙළි කර නොමැත.

” ඇමෙරිකාව බින් ලාඩන් ඝාතනය කරන ලද බවට පවසන්නේ අසත්‍යක්. ඔහු මියගියේ 2005 වසරේ දී ඇති වූ රෝගාභාදයකින්. ” යයි ඉරානය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පකිස්තානු ජනපති ප්‍රකාශ කර සිටියේ බින් ලාඩන් මියගොස් ඇත්තේ රෝගී වීමෙන් බවයි. මේ පිලිබඳ වාර්තා 2002 දී ඊශ්‍රායල් බුද්ධි අංශ මගින් ප්‍රසිද්ධියට පත් කෙරුණු බවයි.

ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණු මොහොතේ අහසට වෙඩි තබා ගෞරව දැක්වුණු බවත් වහාබි සංස්කෘතියට අනුව වැළලු ස්ථානයේ කිසිඳු සිහිවටනයක් ඉදි නොකෙරෙන බැවින් එය නිශ්චිතව පැවසීමට අපහසු බවත් පවසා සිටියා. ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ඇමෙරිකානු සොල්දාදුවන්ට මෙය කිසි දා සොයාගැනීමට නොහැකි වනු ඇති බවයි”

සැකසුම සී.එදිරිමාන්න

Share this: