ඇමරිකානු නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

ඇමරිකානු නිල සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සදහා ඇමරිකාවට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය දින 08 ක නිල සංචාරය සාර්ථකව නිමවා අද (02) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

අද ප.ව 4.05 ට පමණ එමරේට්ස් ගුවන් සේවයට අයත් AK 654 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා දිවයිනට පැමිණි අතර මාතෘ භූමියේ කීර්තිනාමය ලොව හමුවේ දිග් විජය කොට යළි මාතෘ භූමිය බලා පැමිණි ජනාධිපතිතුමා අභිමානවත් අයුරින් පිළිගන්නට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් එහිදි බුලත් හුරුථ පිළිගන්වා ජනාධිපතිතුමා පිළිගත්හ.

ගුවන් තොටුපළ අවට රැස්ව සිටී විශාල ජනතාවක් ජාතික ධජ ළෙළදවමින් අභිමානවත් රාජ්‍ය නායකයාණන්ට සිය උපහාරය පුද කළේය.

ගුවන් තොටුපොළේ විශේෂ ප්‍රභූ පරිශ්‍රයේදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍යාගමික පූජකවරුන්ද ආගමික වතාවත් සිදු කොට ආශිර්වාදය පළ කළහ.

මැති ඇමතිවරු රැසක්ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය)

Share this: