පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රි ලංකාව තුල පුරවැසිභාවය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් ඇත්නම් පැකිලීමකින් තොරව එය ලබා දීමට කටයුතු කරන බව මහජන සාමය පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියාසිටියි.
අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ කුමාර් ගුණරත්නම් මහතා සතුව ගුවන් බලපත්‍ර 4 ක් ඇති බවට වාර්තා වන බවයි.
තවද ඔහුට මෙරට පුරවැසිභාවය අවශ්‍ය නම් ඒ සදහා අදාළ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍යවරයා කියා සිටියේය.
ගුණරත්නම් මහතා රටින් පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා එම පක්ෂය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ(18) යළි සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පුද්ගලයා රටින් පිටුවහල් කිරීමට හැකි බව දැනුම් දෙනු ලැබීය.
මේ අතර ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පවසන ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා රටින් පිටුවහල් කිරීම සඳහා අවශ්‍ය කි්‍රයාමාර්ග ගනිමින් සිටින බවයි.
මේ වන විට කුමාර් ගුණරත්නම් මහතා රැඳී සිටින ස්ථානය පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති බව ද ආගමන විගමන පාලකවරයා පැවසීය.