ඇඳිරි නීතිය කඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්.

ආරච්චිකට්ටුව පොලිස් වසමේ සින්නකරුපනේ ප්‍රදේශයේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් මුර සංචාරයේ යෙදී සිටියදී ඇදිරිනීති නියෝග කඩ කරමින් කටයුතු කළ මෙම පුද්ගලයාට රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට යාමේදී ඔහු විසින් කලහාකාරි කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ඔහු අද දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Share this: