විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට හැට දෙලක්ෂයක් ඡන්දය ලබා දුන්නා.
එමනිසා මේ රජයෙන්, එම ජනතාවට යුක්තිය ඉටු කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.
ව්‍යවස්ථා සංශෝධනයට සමහරු තමන්ගේ ඔළුවේ ඇති පරමාදර්ශී අදහස් එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටින බව, එම පක්ෂයේ මහලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
තවද අමාත්‍යවරයා අවධාරණය කළේ, ඇතැමුන් දේශපාලන නුල් සුත්‍ර අටවන්නත්, ව්‍යවස්ථා කුමන්ත්‍රණ කිරීමටත් සූදානමින් සිටින බවත්, එවැනි කිසිදු ක්‍රියාවලියකට ඉඩ ලබා දිය නොහැකි බවත්ය.
තවදුරත්, ඔව්හු අදහස් දක්වමින් පවසා සිටියේ, ජනතාවගේ මතය ක්‍රියාත්මක කළ යුතු වන අතර විධායක ජනාධිපති ක්‍රම ප්‍රජාතන්ත්‍රික කරණය කිරීමේ කටයුත්ත රටට අත්‍යවශ්‍ය වේ. මේ වන විට විධායක ජනාධිපතිත්, රටේ ව්‍යවස්ථාව හදන පාර්ලිමේන්තුවත්, රටේ නීති සම්පාදනය කරන අධිකරණයත් යම් සමතුළිතතාවයක පවසිනා බවයි.
එසේම මේ වන විට හොඳ සංශෝධනයක් ලැබී ඇති බවත් එබැවින් එයට තවදුරටත් කුමන්ත්‍රණ කිරීමට ඉඩ නොදී, කලබල නොකර, පක්ෂවලට මෙය ඈඳ නොගනිමින් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.