ඇතැමුන්ගෙන්  තමන්ට පුද්ගලිකව දොස් -රනිල්

ඇතැමුන්ගෙන් තමන්ට පුද්ගලිකව දොස් -රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ චෝදනා කරන්නේ  පසුගිය ආණ්ඩුවේ දූෂණ සහ වංචා විභාග කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් ප්‍රධානීන්ට අවශ්‍යව තිබෙන බවත් තමන් ඒ පිලිබදව අවදානයෙන් සිටිනබවත් ය.

ඔවුන් සිය ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ දරමින් සිටිනේ ඒ සියලුදෙනාටම බොහෝ දූෂණ හා වංචා චෝදනා එල්ල වී තිබෙන බැවින් බව සදහන් වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ එම චෝදනාව එල්ල කළේ නුවරඑලියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් අමතමිනි.

දින සියයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්‍යවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කළේය.  එබැවින් ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් දූෂිතයන් පාර්ලිමේන්තුවෙන් පලවා හරිමින් දූෂණයට සහ වංචාවලට එරෙහිව නිසි පියවර ගැනීම මීට පෙර කලයුතුව ඇත .

දුෂිතයන් ටවමත් නිදැල්ලේ සිටීම පිලිබදව ඇතැමුන් තමන්ට පුද්ගලිකව දොස් නගන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

අපි වේදිකාවේ චෝදනා කළා කියල මේ අයව කූඩුවට දානවනම් අපිත් රාජපක්‍ෂ රෙජීමය ගිය පාරේ යන්නේ යයි  අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ පවතින වත්කම් පමණක් නොව රටින් පිට කරන ලද වත්කම් සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම පිණිස දැනටමත් අරම්බ කර ජාත්‍යන්තර සහාය පතා තිබෙන බවත් අගමැතිවරයා කියා සිටියේය.

කෙසේ නමුත් දින සියයට පෙරාතුව ඒ මූලික ක්‍රියාදාමය අවසන් කරන බවට පොරොන්දු  දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, දූෂණ වංචා පිළිබඳව තවමත් තොරතුරු ලබා නොදුන් ඇතැම් අමාත්‍යංශ පිළිබඳව ද සොයා බලන බවත් සඳහන් කළේය.

Share this: