ඇත් දළ සමග 4දෙනෙක් පොලිසියේ

ඇත් දළ සමග 4දෙනෙක් පොලිසියේ

ඇතිමලේ, කුඹුක්හේයාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු ඇත් දළ දෙකක් අලෙවි කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, දඹුල්ල සහ මොණරාගල විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දීය.

එහිදී මොවුන් ගමන්ගත් යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ගලේඅරාව, ඇතිමලේ සහ දඹගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසියට අනාවරනය විය.

ඔවුන් මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this: