ආසියාවේ ප‍්‍රථම වතාවට තරුණ ප‍්‍රඥප්තියක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා

ආසියාවේ ප‍්‍රථම වතාවට තරුණ ප‍්‍රඥප්තියක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන මා සතුටු වෙනවා

රටේ රාජ්‍ය දේපළ පාලකයන් වෙනුවෙන් නොව පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී (28)දා පැවති තරුණ ප‍්‍රඥප්තිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් හෙතෙම මේ බව කීය.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

අද දවසේ මම සතුටුවෙනවා ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස රටේ තාරුණ්‍යය වෙනුවෙන් තරුණයන්ගේ අයිතිවාසිකම් සුරැුකීමට තරුණ ප‍්‍රඥප්තියකට අත්සන් තැබීමට එක්වීම ගැන. එය රටේ ජනාධිපති ලෙස පළමු මාස තුන තුළ පාර්ලිමේන්තුව තුළ නීතිමය වශයෙන් සම්මත කර ගැනීමට මා ප‍්‍රතිඥා දෙනවා.

අපේ රටේ ජනතාවගෙන් හතරෙන් එකක් යොවුන් පරපුරයි. මේ අය විවිධ අංශවලින් ඉතාමත් ඉහළ මට්ටමක සිටිනවා. අපේ රටේ අනාගතයේ ප‍්‍රධානතම අංශය රටේ තාරුණ්‍යයි. රටට ප‍්‍රතිඵලදායී සංවර්ධන වෙනස ක‍්‍රියාත්මක කළ හැක්කේ තරුණ ප‍්‍රජාව බලාත්මක කිරීමෙන් පමණයි.

නිර්මාණශීලී රට ගොඩනඟන පෙරගමන්කරුවන් ලෙස අපි තාරුණ්‍යයට ඒ වගකීම පවරනවා. අපි තරුණ පරපුර වෙනුවෙන් මේ ප‍්‍රඥප්තිය නිර්මාණය කළේ ආසියාවේ ප‍්‍රථම වතාවටයි. අපි මෙමඟින් තරුණ අපේක්‍ෂකයන්ට මුල්තැන ලබාදීලා විධිමත් ලෙස ක‍්‍රියාත්මක කරන්නයි මෙය ඉදිරිපත් කරන්නේ. රටේ සංවර්ධනය සාර්ථක කර ගන්නට නම් තාරුණ්‍යයේ ජවය සහ පන්නරය බොහෝ ලෙස ඉවහල් වෙනවා.

අපි පසුගිය කාලයේ යොවුන් පරපුර සමග විවිධ සාකච්ඡුා පවත්වලා ප‍්‍රධාන ලෙස ධාරා 14 ක් ඔස්සේ මේ රටේ තාරුණ්‍යයට ශක්තිය ලබාදෙන්න ඇපකැප වෙනවා. මේ රටේ කිසිම දිනෙක ලබා නොදුන් ස්ථාවරත්වයක් මේ ප‍්‍රඥප්තියෙන් ලැබෙන බව මා දැඩි සතුටකින් කිව යුතුයි. මෙමඟින් අප නිර්මාණය කරනවා. තමන් කැමති ඕනෑම සමාජ ආර්ථික ඉහළ යෑමකට අවශ්‍ය ගමන් මාර්ගය නීතිගත කරනවා. රටේ සංවර්ධනයේ ප‍්‍රධාන පුරුකක් සහ එහි නායකත්වය ලබාදීමයි මෙම ප‍්‍රඥප්තියේ වගකීම වන්නේ.

දේශීය, විදේශීය වශයෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයට එතුළින් රට ශක්තිමත් කිරීමට ඔබ ගන්නා ක‍්‍රියාමාර්ගවලට ප‍්‍රධාන තැන ලබාදීමට මා බලාපොරොත්තු වෙනවා.

ලෝකයේ ජනතාව දකින මහ ඩිජිටල් අත්දැකීම මා ඔබ වෙත ගෙන එනවා. ඒ සඳහා මා සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මට්ටමින් නව තාක්‍ෂණය, දැනුම, අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට ඇතුළු කරනවා. පොහොසත් ජනතාවට තිබුණු ඒ වරප‍්‍රසාදය රටේ සියලූම තාරුණ්‍යයට විශිෂ්ට තාක්‍ෂණ අධ්‍යයන ක‍්‍රමය ඔබේ දෙපතුල් ළඟට ගෙන එනවා.

එමඟින් අපට රටක් ලෙස ලෝක වෙළෙඳපොළ ආක‍්‍රමණය කිරීමට හැකි වෙනවා. එමඟින් ලොව ශ්‍රේෂ්ඨම ජාතියක් බවට අප පත්වීමට අවශ්‍ය ඒ නව දැනුම අප ලබාදෙනවා. මේ රටේ තාරුණ්‍යය ගැන දැඩි විශ්වාසයක් මට තිබෙනවා. ලෝකයේ විශිෂ්ටතම තරුණ පරපුර සිටින්නේ අපේ රටේ. ඒ තරුණ පරම්පරාවට රටේ ඉහළම තැන ලබාදීමට මා අධිෂ්ඨාන කර තිබෙනවා. ලබන 16 දායින් ආරම්භ වන්නේ තරුණයන්ගේ අනාගතය ශක්තිමත් වන යුගයයි කියලා මා කිව යුතුයි.

රටේ ජනාධිපති ධුරය ජාතියේ අවශ්‍යතාව වෙනුවෙන් යෙදවිය යුතු වෙනවා. එය රටේ ජනතාව, තරුණයන් වෙනුවෙන් යෙදවීමට මා අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මා ජනතා බදු මුදල්වලින් සුපෝෂණය වෙන්න මගේ කිසිම අදහසක් නෑ. ඩියුටි ෆී‍්‍ර වාහන රටේ පාලකයන්ට ගෙන්වන කාලයට අපි තිත තබනවා. ආණ්ඩු වෙනස් වෙලා අලූත් ආණ්ඩු බිහිවෙනකොට ඒ ඇමැතිවරුන්ට අපි සුඛෝපභෝගී වාහන ගෙන්වනවා. මා පරමාදර්ශී දේශපාලනඥයකු විදියට වෙඩි නොවදින හෝ වෙනත් වාහන ගෙන්වන්න ක‍්‍රියා කරන්නේ නෑ. අලූතින් වාහන ගෙන්වීමේ සංස්කෘතිය අපි තහනම් කරනවා.

මේ රටේ පොදු දේපළ, පොදු සම්පත් තමන්ගේ බූදල් වගේ පරිහරණය කරපු යුගය අපි අවසන් කරනවා. රාජ්‍ය දේපළ වැඩි ප‍්‍රමාණයක් මේ රටේ ජනතාව වෙනුවෙන් යොදවන්න මා උපරිම වශයෙන් ක‍්‍රියා කරනවා.

මගේ අරමුණ මේ රට තුළ ආරක්‍ෂිත සුවපහසු ජීවිතයක් ඇති කිරීමයි. ඒ සඳහා මා උපරිම වශයෙන් කැප වෙනවා. අද අපි මේ අත්සන් කරන ප‍්‍රඥප්තිය අපේ රටේ රන් අකුරින් ලියැවෙන තරුණ ප‍්‍රඥප්තිය වෙනවා. මෙතෙක් කල් දේශපාලනඥයන් පසුපස ගිය තාරුණ්‍යය වෙනුවට කොන්ද කෙළින් තියාගෙන ජන සමාජයේ විශිෂ්ටයන් බවට පත් කිරීමට මේ ප‍්‍රඥප්තිය හේතුවන බව කිව යුතුයි.

ජවසම්පන්න, තේජස්, ශක්තිමත් ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට අප සමග එකට එකතු වී ශ‍්‍රී ලංකා ෆස්ට් කිරීමට එක්වන්න කියා මා ආරාධනා කරනවා.

හෝමාගම එ.ජා.ප. ආසන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා,

අපේ රටේ කිසිදු ජනාධිපති අපේක්‍ෂකයකු රටේ තරුණයන් සමග ගිවිසුමකට එළඹිලා නෑ. ඒත් අද ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා රටේ තාරුණ්‍යයට තරුණ ප‍්‍රඥප්තියක් ඉදිරිපත් කරනවා. මීට පෙර කිසිදු ජනාධිපති අපේක්‍ෂකයකු එහෙම කරලා නෑ. ඊට හේතුව ඇතැම් දේශපාලනඥයන් තරුණයන්ට බයයි. ඒ අයට අවශ්‍ය තමන්ගේ ඡුන්ද කුට්ටිය

කඩාගන්න විතරයි. සජිත් පේ‍්‍රමදාස මහතා විපක්‍ෂයේ අපේක්‍ෂකයට විවාදයකට ආරාධනා කළේ ඒ නිසයි. ඒ වගේම අද එතුමා තරුණ ප‍්‍රඥප්තිය හඳුන්වා දෙනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා,

බොහෝ දේශපාලනඥයන් අපට අනාගතය භාරදෙන්නේ නෑ. අපි අපේ අනාගතය භාරගෙන අපේ රට හැදිය යුතු කාලය එළඹිලා. ඒ වගකීම අද අපට පැවරිලා තිබෙනවා. අපි සත්‍යය උදෙසා පෙනී සිටිය යුතුයි. සත්‍ය වෙනුවෙන් අපි සටන් කළ යුතුයි. අද අපි එක්වෙලා සිටින්නේ සජිත් පේ‍්‍රමදාස කියන සත්‍යවාදියා ජයග‍්‍රහණය කරවන්නයි. අද අපි ඒ සඳහා හරි මාර්ගය තෝරාගෙන තිබෙනවා. සජිත් මිනීමරලා, හොරකම් කරලා, වංචා කරලා නෑ. ඔහු නිල නිවාස අරගෙන නෑ. ඉන්ධන අරගෙන නෑ. ඔහු ගමක් ගමක් පාසා ගිහින් දුප්පත් ජනතාවට නිවාස හදා දුන්නා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා,

අපේ සමීක්‍ෂණ අනුව තවමත් 20% ක පමණ ප‍්‍රමාණයක් තවම තීන්දුවක් අරගෙන නෑ කාටද ඡුන්දය දෙන්නේ කියලා. ඒ අතරින් වැඩිම ප‍්‍රමාණය තරුණ ප‍්‍රජාව. ඒ නිසා අද මෙහි සිටින තරුණ තරුණියන් පෙරමුණ ගෙන එම ඡුන්ද ලබාගත යුතුයි. සජිත් පේ‍්‍රමදාස මහතාට කිසිම චෝදනාවක් නෑ. කියන්න දෙයක් නැති නිසා එතුමාගේ සෙරෙප්පු දෙක ගැන, ඇඳුම ගැන කතා කරනවා. චෝදනා නෑ. එතුමාට තවමත් වයස 52 යි. ජවසම්පන්න නායකයෙක්. අපේ රටේ ජනතාවට කලාතුරකින් ලැබුණු අවස්ථාවක් මේක. දුප්පත් ජනතාවගේ දහදිය සුවඳ හඳුනන තරුණ නායකයෙක් අද ජනාධිපති අපේක්‍ෂකයකු වෙලා. අපට වගකීමක් තිබෙනවා. අපේ උපරිම සහයෝගය ලබාදීල සජිත් පේ‍්‍රමදාස රටේ ජනාධිපති ධුරයට පත් කරන ඒ පුණ්‍යකර්මයට දායක වෙමු.

මෙම අවස්ථාවට මැති ඇමැතිවරු මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share this: