ආරවුල දුරදිග ගිහින් සැමියා ඝාතනය කෙරේ

ආරවුල දුරදිග ගිහින් සැමියා ඝාතනය කෙරේ

රත්නපුර, දඹුලුවත්ත ප්‍රදේශයේ සැමියා සහ බිරිද අතර ඇති වු බහින් බස් වීමක් දුර දිග යාම නිසා අති වු අරුලක් හේතුවෙන් කෝපයට පත් කාන්තාවක් මුගුරකින් පහරදී සිය සැමියා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ(14) රාත්‍රී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

ඝාතනය සිදුකළ කාන්තාව රත්නපුර පොලීසිය වෙත බාර වී ඇති අතර රත්නපුර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Share this: