අද(01) සහ හෙට කොළඹ දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2011 වසරේ සිට මෙම සමුළුව ආරම්භ කළ අතර මෙවර එය පැවැත්වෙන්නේ පස් වන වරටය.
මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන්නේ ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මහතා වන අතර එහි ප්‍රධාන තේමාව වන්නේ “ගෝලීය අභියෝග අභියස ජාතික ආරක්ෂාව“ යන්නයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ මෙම සමුළුව සඳහා රටවල් 34ක නියෝජිතයින් සහභාගී වීමට නියමිත බවයි.
Share this: