ආරක්ෂක අංශ වලට දේශපාලනය තහනම්

ආරක්ෂක අංශ වලට දේශපාලනය තහනම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, මින් ඉදිරියට ආරක්ෂක අංශ සාමාජිකයින් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිමට ඉඩ ලබා නොදෙන බවයි.

පසුගිය රජය පැවති සමයේ ආරක්ෂක අංශ සාමාජිකයින් දේශපාලන රැස්විම් වලට පවා යොදා ගත් බව ජනාධිපතිවරයා පැවැසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව, මැදිරිගිරිය ජාතික පාසලේදී පැවති සිවිල් ආරක්ෂක නිලධාරින් සඳහා රජයේ පත්විම් ලබාදිමෙ උත්සවයට එක්වෙමිනි.

තවද යුද්ධයකින් රටකට අහිමි වන දේ පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අදහස් පලකළේය.

Share this: