පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයට පත්ව සිටින සියලූ රණවිරුවන්ට විශ‍්‍රාම වැටුපට අමතරව වැටුපෙන් සියයට 75 ක් ලබා දීමට තීරණය කර ඇති බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (19)පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ආබාධිත රණවිරුවන් සත්‍යග‍්‍රහයක නිරතව සිටින බවත්, ආණ්ඩුවෙන් ඒ සඳහා මේ වන තෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නැති බවත් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා ඇතුළු විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් චෝදනා කරද්දී මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ආබාධිත රණවිරුවන් මාතරට ඇවිත් මා හමුවුණා. මට තේරුම් ගියා, ඔවුනට සාධාරණ දුක්ගැනවිල්ලක් තිබෙන බව. පවතින ක‍්‍රමයට අනුව පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ අයට විතරයි, ජීවිතාන්තය දක්වා වැටුප් ලැබෙන්නේ.
අර්ධ ආබාධිත අයටත් ඖෂධ සහ අත්උදව් සහාය අවශ්‍යයි. මා යෝජනා කළා, මේ සියලූම ආබාධිත අයට විශ‍්‍රාම ගිය පසු විශ‍්‍රාම වැටුපට අමතරව වැටුපෙන් සියයට 75 ක් ලබා දෙන්න. මේ යෝජනාවට ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාර ලබා දෙන බව කල්තියා දැනගෙනයි, මේ අය පාරට බස්සලා වාසි ලබා ගන්න උත්සාහ කරන්නේ යැයි ද මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවැසීය.