රත්මලාන ප්‍රදේශයේ අවන්හලක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ඇනුම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය පුද්ගලයා අදාළ ආපනශාලාවේ හිමිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share this: