ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසන්නේ, ජාතික සංවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ප‍්‍රතිපත්ති සහ සැළසුම් වෙනස් නොවිය යුතු බවයි.
ඊයේ (04) පෙරවරුවේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම – හම්බන්තොට මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.
තවද ජනාධිපතිවරයා මෙහිදී එය සිහිපත් කළේ, රටේ ආණ්ඩු සහ පාලකයන් වෙනස් වුවද සංවර්ධන ප‍්‍රතිපත්ති වෙනස් නොවීම ලොව සංවර්ධිත රටවල ප‍්‍රධාන ලක්ෂණයක් බවයි.
තවද පවුල් පාලනයෙන් තොර යහපත් රාජ්‍ය පාලනයක් රටතුළ ක්‍රියාත්මක කරවීමට තවදුරටත් කැපවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
මංගල සමරවීර, කබීර් හෂිම්, මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන්ද, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන්ද චීන තානාපති ෂියෑං ලියැංග් මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.