ආදායම් බදු ගෙවීමට හෝ ගෙවිය යුතු මුදල් ගෙවීමට අපොහොසත් වූ විවිධ වෘත්තීන්හි සහ ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයින් හඳුනා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයට අනුව රාජ්‍ය ආදායම කෙරෙහි රටේ අවධානය යොමුව ඇති අවස්ථාවක බදු පැනවීමෙන් ආදායම් ඉපැයීම සහ එම බදු ගෙවීමට අපොහොසත් වන්නන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ඊයේ (01) මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළේය.
බදු අයකිරීම්, පුරප්පාඩු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
Share this: