පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය ගැන සෙවීමට වඩා වැඩි අවධානයක් ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2005 ඡුන්ද නාම ලේඛනයේ තිබේ දැයි කියා සොයා බැලීමට යොමුකර ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් විස්සක් පමණ මේ දිනවල හම්බන්තොට ගොස් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2005 ඡන්ද නාම ලේඛනයේ තිබේ දැයි සොයා බලන බවද විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාස්පෝට් එක වෙනස් කළේ කවදාද එය ගත්තේ කවදාද කියා වහාම සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසටද නියෝග කර ඇතැයි විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ බැව් පැවසුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී ඊයේ (3 දා* පැවති සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිත සමුළුව අමතමිනි.
Share this: