දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ, ජාතික විධායක සභාව අද(11) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී අවසන් තීරණයකට එළඹීමට නියමිතය.
මෙම ජාතික විධායක සභාව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිත අතර මෙහිදී දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ඇත.
දැනට පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කිරීම, 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, 18වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළු කරුණු රැසක් දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අන්තර්ගත වේ.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජාතික විධායක සභාවේ දී පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව හදිසි පනතක් ලෙස ලබන 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සදහන් වේ.
Share this: