ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නම් කර ඇති අතර අග්‍රමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නම් කර ඇත.
තවද, විපක්ෂ නායකවරයාගේ නියෝජිතවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙව්රත්න මහතා නම් කර ඇති අතර, පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු ප්ක්ෂ නියෝජිතයා වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා නම් කර ඇත.
දේශපාලකයන් නොවන සිවිල් පුද්ගලයන් තිදෙනෙකු ව්‍යවස්ථාදායක සභාවට නම් කළ යුතු අතර එම නම් කිරිමද මේ වන විට එයද අවසන්ව ඇති බව පැවසේ.
තවද කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ නිල සාමාජිකයින් වන අතර, ව්‍යවස්ථාදායක සභාව සාමාජකියන් 10 දෙනෙකුගෙන් සමන්විතය.
මේ අනුව රජයේ ඉහළ තනතුරු සඳහා නිලධාරින් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව මගින් ක්‍රියාත්මක වේ.
Share this: