ආචාර්ය අබ්දූල් කලාම් මහතා සමුගනියි!

ආචාර්ය අබ්දූල් කලාම් මහතා සමුගනියි!

අවූරුදු 83 පිරුණු, ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ආචාර්ය අබ්දූල් කලාම් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඉන්දීය හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ Shillong කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා ගොස් සිටියදී එහි වේදිකාවක් මත ඇද වැටී ඇති අතර, අනතුරුව ඔහු රෝහල් කිරීමෙන් පසු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තවද, අබ්දූල් කලාම් මහතා 2002 සහ 2007 අතර කාලයේදී ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

1931 ඔක්තෝබර් 15 වැනිදා රාමේශ්වරම් හී සාමාන්‍ය පවුලක සාමාජිකයෙකු ලෙස උපත ලැබූ කලාම් මහතා ඉන්දියාවේ මිසයිල මිනිසා යන නමින් ප්‍රකලිත විය.

තවද, 1974 දී ඉන්දියාව විසින් පරීක්ෂණ මට්ටමෙන් ආරම්භ කර පසුව 1998 දී සිදුකළ පොක්රාන්-II න්‍යෂ්ටික අත්හදා බැලීම සඳහා ඉතා වැදගත් භූමිකාවක් කලාම් විසින් ඉටුකරන ලදී.

ඔහු විසින් ලබාගත් එම ජයග්‍රහණ පද්ම භූෂණ හා භාරත රත්න සම්මානවලින් පිදුම් ලැබීමට හේතුවිය.

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති බලශක්ති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද අබ්දුල් කලාම් මහතා සහභාගී විය.

Share this: