ජූලි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රාජ්‍ය නායකයා වෙත පවරා ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, මෙම ගෙවීම් සමාජ කාණ්ඩ හතරක් අතර බෙදා හරිනු ලැබේ.
මීට අමතරව, ආබාධ සහිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු දීමනා ලබා දෙනු ඇත.
Share this: